කැලණිය - ලාල් එස්. කුමාර
මංගල උත්සවයකට සහභාගි වූ පුද්ගලයකු මදුවිතේ පදම වැඩි වී එම සාදය අවසානයේ නිවෙස සොයාගත නොහැකි වුවත්, අනියම් බිරියගේ නිවෙසට ගිය පුවතක් කොළඹට නුදුරු ප්රදේශයකින් පසුගිය දා වාර්තා විය.
තම සේවා ආයතනයේ යහළුවකුගේ දියණියකගේ මංගල සාදයකට සහභාගි වූ මෙම පුද්ගලයා එම සාදයේදී මිතුරන් සමග මදුවිතෙන් සප්පායම් විය.
එකින් එක මදුවිත සප්පායම් වූ මොහුගේ පදම වැඩි විය. ඒ සමගම සාදයේ පැවැති නර්තනයටත් එක්වූ මෙම පුද්ගලයා එහි සිටි පුද්ගලයන්ට කරදරයක් විය.
යහළුවන් එක්ව මෙම පුද්ගලයා ඉවතට රැගෙන ගොස් ත්රිරෝද රථයක නංවා නිවෙසට පිටත් කර හැරියේය. ඒ අතරතුර එක් යහළුවකු මෙම පුද්ගලයාගේ බිරියට දුරකතන ඇමතුමක් ලබා දී යහළුවාගේ තත්වය අනුව රථයකින් එවූ බව පැවැසුවේය.
පැය බාගයක් ගත වුව ද තම සැමියා නිවෙසට ත්රිරෝද රථයෙන් නොපැමිණි බැවින් ඇයට සැකයක් පහළ විය. ඒ, තම සැමියා යන එන නිවෙසක් පිළිබඳව මීට පෙර ලැබුණු තොරතුරක් අනුවය. ඒ අනුව ඇය ත්රිරෝද රථයකින් එම නිවෙස සොයා ගියාය.
ඇය එම නිවෙස අසලට යන විට තම සැමියා එම නිවෙසේ ඉදිරිපස සිටින අයුරු දක්නට ලැබුණි. වහා ක්රියාත්මක වූ ඇය තම සැමියා සිටින ස්ථානයට යන විට එම නිවෙසේ දොර විවෘත වී කාන්තාවක් ඉදිරියට පැමිණියාය.
“මෙයා ද එහෙනම් සක්කර වට්ටම” යැයි අසනවාත් සමගම සැමියාගේ වෙරි හිඳී ගියේය. “ම...මම ම...මට ගෙදරට එන පාර පොඩ්ඩක් වැරැදුණා” යැයි සැමියා පැවැසුවේය. “ගෙදරට එන පාර වැරැදුණාට, මේ ගෙදරට එන පාර හොඳට මතකයි නේද? යමං, මං ගෙදරට යන පාර පෙන්වන්නම්” යැයි පවසමින් තම සැමියාගේ කොලරයෙන් අල්ලාගෙන ත්රිරෝද රථයට නංවාගෙන ගොස් සැමියා නිවෙස ඉදිරිපිට දමා දොර වසා ගත්තාය.
ඔහුට තම නිවෙසේ පඩිපෙළ අසල රැය පහන් කිරීමට සිදු විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd